Friday, March 29, 2024

General line - 0115112241

පාකිස්තාන ආයෝජකයින් පිිරිසක් දිවයිනට

තරංග රුක්ෂාන් ජයසේකර




නව ආයෝජන රැසක් පිළිබඳ සොයා බැලීමට පාකිස්තාන ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අතරට පාකිස්තානයේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයින්ද ඇතුළත්. ඔවුන් අද (23) පස්වරුවේ ජනාධිපතිවරයා මුණ ගැසුණා. 

එහිදී එම ආයෝජක කණ්ඩායම පවසා ඇත්තේ සෞඛ්‍ය, නිවාස, සංචාරක සහ විද්‍යා හා තාක්ෂණ යන ක්ෂේත‍්‍රයන්හි නව ආයෝජන සඳහා තමන් සූදානම් බවයි. අධිවේගී මාර්ග ඉදිකිරීම් හා ඛණිජ තෙල් කැනීම් ක්ෂේත‍්‍රවල නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. 

ලොව ඉහළ තාක්ෂණයෙන් යුත් හදවත් සැත්කම් සිදු කරන නවීන රෝහලක් මෙරට ඉදිකිරීමටද සංචාරක පුරවර දෙකක් හා අඩු වියදම් සහිත නව නිවාස සංකීරණ දෙකක් වෙනුවෙන්ද ආයෝජනය කිරීමටයි ඔවුන් කැමැත්ත පළ කර ඇත්තේ.