Tuesday, April 23, 2024

General line - 0115112241

සතියකින් ආමේනියානු අගමැතිට පුටුව අහිමිවෙයි

පවිත‍්‍රා මධුහර්ෂණි




යුරෝපානු රාජ්‍යයක් වන ආමේනියාවේ අග‍්‍රාමාත්‍ය සර්ජි සර්ජිසන් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ ඔහුට එරෙහිව දින කිහිපයක් පුරා පැවැති විරෝධතා හමුවේයි. ඔහු ඉකුත් අගහරුවාදා ආමේනියාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණා. ඊට පෙර ඔහු වසර 05ක් පුරා කටයුතු කළේ එරට ජනාධිපතිවරයා ලෙසයි. විරෝධතා මෙහෙයවූ එරට විපක්ෂය පැවසුවේ.

සර්ජි සර්ජිසන් බලලෝභීත්වයෙන් යුතුව කටයුතු කරන බවයි. කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍යවරයගේ ඉල්ලා අස්වීම බලපැවැත්වෙන්නේ කවදා සිටද යන්න මෙතෙක් ප‍්‍රකාශ වී නැහැ. කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍ය සර්ජි සර්ජිසන් පැවසුවේ විරෝධතාකරුවන්ට කන්දී සිය ධුරය අත්හැරීමට තීරණය කළ බවයි.