Thursday, April 25, 2024

General line - 0115112241

හිසේ රෝගයට පයට සැත්කම් කරලා

දිනුක් හේවාවිතාරණ




සිය හිසේ ඇතිවූ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය රෝගියෙක්ට වෛද්‍යවරයා විසින් පාදයේ ශල්‍යකර්මයකට ලක් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ, දිල්ලි හි පිහිටි රජයේ රෝහලකට ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුලත් වූ විජෙන්ද්‍රන් නම් එම රෝගියාට ශල්‍යවෛද්‍යවරයා විසින් වරදවා වටහා ගැනීමෙන් අනතුරුව සිහිසුන් කිරීමෙන් අනතුරුව හිසේ සිදුකල යුතුව තිබු ශල්‍යකර්මය වෙනුවට ඔහුගේ පාදයේ ශල්‍යකර්මයක් කර ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ. 

පාදයේ ශල්‍යකර්මය සඳහා ඒ වන විටත් අදාළ රෝගියා ශල්‍යගාරයට ගෙනවිත් තිබියදී වෛද්‍යවරයා නිසි පරිදි රෝගීන්ගේ වාර්තා පරික්ෂා නොකිරීමේ  නොසැලකිලිමත්කම මත මෙම  වැරද්ද සිදුවී ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකල රෝහල් කමිටුව විසින් අනාවරණය කරගෙන තිබෙන්න.

මේ අනුව අදාළ ශල්‍යකර්මය සිදුකල වෛද්‍යවරයා හට ඉදිරියේදී සිදුකරන විමර්ශන අවසන් වන තෙක් යලි ශල්‍යකර්ම සිදුකිරීම අත්හිටුවීමට රෝහල් බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

මේ වන විට පාදයේ ශල්‍යකර්මයට ලක්වූ රෝගියාට නිසි ප්‍රතිකාර ලබාදීම රෝහල විසින් ආරම්භ කර ඇති බවද එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.