Thursday, April 25, 2024

General line - 0115112241

ව්‍යාජ ලේඛන මඟීන් සිංගප්පූරුවට යාමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

ටි.කේ.ජි. කපිල




ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුව බලා යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. සැකකරු යාපනය පේදුරුතුඩුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්. 

සැකකරුගේ ගමන් මල්ලේ තිබී සිංගප්පූරුවේ සිට එංගලන්තය බලායාමට සකස් කළ ගුවන් ටිකට්පතක් ද සොයාගෙන තිබෙනවා. ඔහු සතුව තිබී තවත් ව්‍යාජ ලිපි ලේඛන රැුසක් සොයාගත් බවයි ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ. සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.