Thursday, April 25, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රීවරු හිටපු ජනපතිගේ නිවසේදී සාකච්ඡාවක්

හේමන්ත කහවලගේ




වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර අද (24) පස්වරුවේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදීයි.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන මැයි මස 08 වනදා ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේදී කටයුතු කළ යුතු ආකාරය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ප‍්‍රකාශ කෙරුණේ.