Wednesday, April 24, 2024

General line - 0115112241

ලෝක වෙළඳ පොලේ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට




ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වාර්තාගත මට්ටමින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වනවිට බොර තෙල් බැරලයක මිල ඩොලර් 75කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වසර තුනකට අධික කාලයකට පසුව තෙල් මිල මෙවැනි අගයකින් ඉහළ ගිය පළමු අවස්ථාව ද මෙය වනවා. අවසන් වරට බොරතලේ මිල මෙවැනි අගයකින් ඉහළ ගියේ 2015 වසරේ මාර්තු මාසයේදීයි.

ඉරානය සහ අමෙරිකාව අතර ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම සහ මැද පෙරදිග උණුසුම් දේශපාලන වාතාවරණය මෙම තත්වයට හේතුව බවටයි පැවසෙන්නේ.