Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් ඉරානයට අනතරු ඇඟවිමක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කුමන හෝ ආකාරයකින් අපට තර්ජණය කල හොත් රටවල් කිහිපයකටම අත්වූ ආකාරයට ඔවුන්ටද වන්දි ගෙවීමට සිදුවනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවමින් අද  (25) කියා සිටියා.

2015 වසරේදී ජාත්‍යන්තර සම්මුතියන්ට අනුව නතර කල නයෂ්ටික වැඩපිලිවල යලි ඇරඹීමට කටයුතු කළහොත් ඉරානයට දරුණු ගැටළු වලට මුහුණ දීමට සිදුවිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිට පෙරද අනතුරු අඟවනු ලැබුවා. 

හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ පාලන සමයේදී ඉරානය සමග ඇති කර ගනු ලැබූ නයෂ්ටික ගිවිසුම කිසිදු විටක සිදු නොවිය යුත්තක් බව පැවසූ අමෙරිකානු ජනාධිපතිවරයා තමන් මේ පිළිබඳව කොංග්‍රස් මණ්ඩලයට සහ එයට සම්බන්ධ අනෙක් පුදගලින්ට චෝදනා කරනා බවද අද (25) සඳහන් කර සිටියා.  

අමෙරිකාවේ සංචාරයක නිරත වන ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් හා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද පැවති මාධ්‍ය සාකව්ජාවේදී ජනපති ඉරානය හා ඇතිකර ගනු ලැබූ ගිවිසුම හැදින්වුයේ "ව්‍යවසනයක්" ලෙසටයි.

පසුගියදා සිරියාවට එල්ල කල මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රංශය ලබා දුන් සහය ඇගයිමට ලක් කල ජනාධිපති ට්‍රම්ප් මෙහිදී කියා සිටියේ තම රාජ්‍යයේ පැරණිම මිතුරා වන ප්‍රංශය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට අමෙරිකාව පසුබට නොවන බවයි.

එමෙන්ම පසුගියදා ප්‍රංශ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් අයිඑස් සංවිධානයේ ක්‍රියාකරුවෙක් එල්ල කල ප්‍රහාරයේදී ඒ තුල රඳවාගෙන සිටි ප්‍රාණඇපකරුවන් බේරා ගැනීමට ගොස් සිය දිවි පුජා කල පොලිස් නිලධාරියාව සිහිපත් කිරීමට ජනපති ට්‍රම්ප් මෙහිදී අමතක කලේ නැහැ.