Thursday, April 18, 2024

General line - 0115112241

"ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් නීති පනවන්න බෑ"

නිශාන් ද සිල්වා




මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට මගී ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන්  නීති පැනවීමට කිසිදු බලයක් නොමැති බව ලංකා ගමන ගමන කොමිසන් සභාව පවසනවා. ත්‍රීරෝද රථ සඳහා මීටර් සහ මගීන්ට බිල්පත් ලබාදීම අනිවාර්ය කිරීමට එම ජාතික සභාවට කිසිදු බලයක් නොමැති බවයි ලංකා ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති එම් ඒ පී හේමචන්ද්‍ර පැවසුවේ.

මීටර් සහ බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය එක්වරම නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පෙර ත්‍රීරෝද රථ රියදුරටන් ඒ සඳහා අනුගත වීමට තවත්  කාලයක් ලබාදිය යුතු බවයි මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.