Thursday, April 25, 2024

General line - 0115112241

දුම්කොළ සමාගමට විරෝධයක්




සිවිල් සංවිධාන රැසක් අද (25) පෙරවරුවේ ශ්‍රී ලංකා දුම්කොළ සමාගම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. ඒ අදාළ සමාගමේ වාර්ෂික ලාභාංශ බෙදීම අද (25) දිනයේ සිදුවන බැවින් ඊට විරෝධය එල්ල කිරිමට බවයි සිවිල් සංවිධාන කැඳවුම්කරු සමීර ලක්මාල් nethnews.lk වෙත කියා සිටියේ.

දුම්පානය කිරිමෙන් වසරකට විශාල ජීවිත සංඛ්‍යාවක් මෙරටට අහිමි වන බවත් විශාල තරුණ පිරිසක් දුම්පානය සඳහා ගොදුරු වන බවත් මෙම සිවිල් සංවිධාන මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ජනතාව මරණයට පත් කරමින් ලබාගත් ආදායමෙන් ලාභාංශ බෙදා ගැනීමට විරෝධය පල කළ බවයි සිවිල් සංවිධාන කැඳවුම්කරු සමීර ලක්මාල් වැඩිදුරටත් කියා සිටියේ. ඊට විශාල තරුණ තරුණියන් රැසක් මෙන්ම දුම්පානයෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව සඳහන්.