Friday, March 29, 2024

General line - 0115112241

කෝටි 4ක් අනුගාමිකයින් සිටින පූජකයා දිවි ඇති තෙක් හිරේ

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ පූජකවරයෙකු හට ඉන්දීය අධිකරණයක් අද (25) ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් නියම කළා. අසරාම් බාපු නමින් හැඳින්වෙන 77 හැවිරිදි මෙම පූජකවරයා අධ්‍යාත්මික නායකයෙක් ලෙස ඉන්දියාවේ මෙන්ම ලොව පුරා ප‍්‍රකටයි. ලොව පුරා ඔහුට සිටින අනුගාමිකයින් ගණන කෝටි 04ක්.

ලොව පුරා පිහිටි ආශ‍්‍රම 400කදි ඔහු සිය අනුගාමිකයින් හට භාවනා සහ යෝග වැඩසටහන් පැවැත්වුවා. ඔහු විසින් පවත්වන ලද ආගමික වැඩසටහන් සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි ද සහභාගී වී ඇතැයි සඳහන්.

2013 වසරේදී ඉන්දියාවේ ජෝද්පූර් හි පිහිටි තමාට අයත් ආශ‍්‍රමයක් තුළ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමට අදාළවයි එම පූජකවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණේ. නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමත් සමග ජෝද්පූර් ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමටද බලධාරීන් පියවර ගත්තා. 

ඒ, පුජකවරයාගේ අනුගාමිකයින් කලහකාරී ලෙස හැසිරෙනු ඇතැයි අපේක්ෂාවෙන්. 

කෙසේවෙතත් අදාළ පූජකවරයා විසින් නඩු තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරනු ඇති. ඔහුට එරෙහි ස්ති‍්‍ර දූෂණ නඩුවක් බටහිර ගුජරාට් ප‍්‍රාන්තයේද විභාග වෙමින් ඇතැයි ද විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.