Thursday, April 25, 2024

General line - 0115112241

2019 ICC ලෝක කුසලාන තරගාවලිය 1992 ආකාරයට

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලබන වසරේ පැවැත්වෙන අයි සී සී ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය 1992 වසරේ පැවැති තරගාවලි ආකෘතියට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. තරගාවලියට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් සංඛ්‍යාව 10ක්. 1992 ආකෘතියට අනුව මෙම සියලූ කණ්ඩායම් එකිනෙකා සමග තරග වදිනු ඇති. වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගන්නා කණ්ඩායම් 04, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා. 

තරගාවලිය ආරම්භ වන්නේ මැයි මස 30 වනදායි. ඒ, සත්කාරක එංගලන්තය හා දකුණූ අප‍්‍රිකාව අතර තරගයෙන්. ඉන්දියාව සහ පාකිස්තානය ද ජූනි 16වනදා එකිනෙකා මුණ ගැසෙනවා. අවසන් මහා තරග පැවැත්වෙන්නේ 2019 වසරේ ජූලි මස 14වනදා ලෝර්ඞ්ස් කි‍්‍රඩාංගනයේදීයි.