Tuesday, April 23, 2024

General line - 0115112241

දහසය දෙනාගේ දේශපාලන තීන්දුවක් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (UPDATE)




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප‍්‍රතිසංවිධානයක් නොවන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට ද දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව හිටපු අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් පවසනවා.

ඔහු කියා සිටියේ පක්ෂයේ වගකීම් සුදුසු ජ්‍යෙෂ්ඨයින්ට භාරදිය යුතු බවයි.

හිටපු අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මෙම අදහස් පළ කළේ ඊයේ (25) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේ අත්ව ඇති ඉරණම පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණා. 

හිටපු අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.
 

 

-------------------------------

මැයි 15 පෙර ගන්නා තීන්දුවක් ගැන හිටපු ඇමති සුසිල් කියයි (AUDIO)

(26-04-2018 07:42)

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මැයි 15ට පෙර තීන්දුවක් ගනු ඇතැයි හිටපු අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (24) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

එම වැඩසටහන සම්පූර්ණයෙන් පහතින් අහන්න.