Saturday, April 20, 2024

General line - 0115112241

රන් භාණ්ඩ මිලදී ගනිද්දී සැළකිලිමත් වන්න




රන් භාණ්ඩ මිලදී ගැනීමේදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව සහිත රන් භාණ්ඩ මිලදී ගැනීමට සුපරික්ෂාකාරී වන ලෙසට එම අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

රන් මිල ඉහළ යාම හමුවේ ප්‍රමිතියෙන් බාල ස්වර්ණාභරණ වෙළඳපොලට නිකුත් වීමට වැඩි ඉඩකඩක් පැවතිය හැකි බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියා සිටියේ.

ආනයනය කරනු ලබන රන් මත පසුගිය (17) මධ්‍යම රාත්‍රියේ සිට පනවන ලද 15% නව තීරු බද්ද හේතුවෙන් වෙළඳ පොළෙහි රන් මිල සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක් මේවන විට රුපියල් 6000න් පමණ ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොළ ආරංචිමාර්ග පවසන්නේ.

මෙම බදු වැඩිවීමට පෙර 50800ට පමණ තිබූ රන් පවුමක් අද (19) දිනයේදී රුපියල් 57000ක් පමණ වන බවයි ව්‍යාපාරිකයින් පැවසුවේ.

කැරට් 24 රන් පවුමක් රුපියල් 7000න් පමණ ඉහළ ගොස් ඇති අතර මේ වනවිට එහි වටිනාකම රුපියල් 62000ක් පමණ වනවා.