Thursday, April 25, 2024

General line - 0115112241

එජාපයේ නව මහ ලේකම් යන්න හදන ගමන ගැන හෙළිකරයි (VIDEO)




එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන් වෙත පැවරෙන වගකීම් නිසි පරිදි ඉටු කරමින් පක්ෂයේ අනාගතය වෙනුවෙන් කැප වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළා.

"මට කිසිම කණ්ඩායම් බෙදීමක් නෑ. මම පක්ෂයේ සියල්ලන් සමගි කර ගනිමින් පක්ෂය නව ගමනක් රැගෙන යනවා." යනුවෙන්ද එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී කියා සිටියා.

සිරිකොත ගමට ගෙනයාමේ වැඩපිළිවෙල අද සිට අරඹන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.