Tuesday, April 23, 2024

General line - 0115112241

වෙසක් පොහොයට සුරාසැල් වැසේ! මස් මාංශ වෙළඳාම කැසිනෝ රේස් බුකී සමාජ ශාලා තහනම්




වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 29 හා 30 යන දෙදින දිවයින පුරා පිහිටි සියලූ සුරාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. එම දින දෙක තුළ සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය ද නතර කෙරෙන බවයි රජය පවසන්නේ.

එමෙන්ම මස් මාංශ අලෙවි සැල් වසා තැබීමට මෙන්ම සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා.

අදාළ දින දෙකේදී රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබීමටයි උපදෙස් දී ඇත්තේ. 

අපේ‍්‍රල් මස 29 හා 30 මෙවර වෙසක් දින ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති අතර,  වෙසක් සතිය අද සිට මැයි මස 02වනදා දක්වා ක‍්‍රියාත්මකයි.