Thursday, April 25, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් භික්ෂූන්වහන්සේ ඇතුළු දසදෙනා රිමාන්ඩ් (PHOTOS/UPDATE)

කසුන් කැලුම්




අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය පැවුත්වූ විරෝධතා ව්‍යාපාරය අතර තුරදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු දස දෙනා, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05දා දක්වා රක්ෂිත බන්ධනාගාර කොට තිබෙනවා.

--------------------------------

භික්ෂු විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්! පිරිසක් අත්අඩංගුවට (PHOTOS/UPDATE)

26-04-2018 16:01

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය පැවුත්වූ විරෝධතා ව්‍යාපාරය අතර තුරදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ ගත් භික්ෂූන් වහන්සේ නමක් සමග තවත් සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

---------------------------------

භික්ෂු විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්!

අන්තර් විශ්ව විද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කොළඹ පුරහල ප‍්‍රදේශයේදී අද (26) කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදීයි. 2016 සහ 2017 යන වර්ෂ සදහා බෞද්ධ දර්ශනය විෂයට සිසුන් බදවා ගැනීම නතර කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව මෙම පා ගමන සංවිධාන කර තිබුණා. 

උද්ඝෝෂණය හේතුවෙන් ටවුන් හෝල් අවට දැඩි රථ වාහන තදබදයක්ද ඇතිව තිබෙනවා.

විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ට උපදෙස්.