Thursday, April 25, 2024

General line - 0115112241

වාහන ලියාපදිංචිය ගැන මහ බැංකු වාර්තාවෙන් හෙළිවූ කරුණු

දිනුක් හේවාවිතාරණ




2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී මෙරට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ අඩුවීමක් දක්නට ලැබෙන බව ඊයේ (26) නිකුත් කල මහ බැංකු වාර්තාවේ සඳහන් වනවා. 

2017 වසරේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ප්‍රතිශතය 8.4% කින් පහත වැටී තිබෙනවා. 2016 වසරේදී ලියාපදිංචි කරන ලද මුළු වාහන සංඛ්‍යාව 493,328 ක් වනවා. 2017 වසරේදී ලියාපදිංචි කල මුළු වාහන සංඛ්‍යාව වුයේ 451,653 ක් වේ. එය පෙර වසරට සාපේක්ෂව 26.2% ක පහත වැටීමක් වනවා.

මෙලෙස වාහන ලියාපදිංචිය අඩුවීමට බලපෑ ප්‍රධාන කරුණු ලෙස මහ බැංකු වාර්තාවේ පෙන්වා දී ඇත්තේ ත්‍රිරෝද රථ, ද්විත්ව කාර්ය වාහන සහ මෝටර් කාර් මිලදී ගැනීමේ අඩුවීමක් 2017 වසරේදී දක්නට ලැබුනු බවයි. ඊට අමතරව රජය විසින් පැනවූ නව බදු ක්‍රමයන් හා අමෙරිකානු ඩොලරය රුපියලට සාපේක්ෂව ඉහල යාම වැනි කරුණු හේතුවෙන් මෙරටට වාහන ආනයන කිරීමේ යම් අඩුවීමක්ද 2017 වසරේදී දක්නට ලැබුණු බව මහ බැංකු වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙනවා.

2017 වසරේදී ඉකුත් වර්ෂයට සාපේක්ෂව බස් රථ සහා භාණ්ඩ ප්‍රවාහන කිරීමේ වාහන මිලදී ගැනීමේ අගය ඉහල ගොස් තිබෙන බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා.