Friday, April 19, 2024

General line - 0115112241

ඉතිහාසයට නව පරිච්ජේදයක් එක් කරමින් උතුරු හා දකුණු කොරියානු නායකයින් මුණගැසෙයි (PHOTOS / VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




වසර 65 කට පසුව පළමු වරට උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් දකුණු කොරියානු දේශසීමාව තරණය කරමින් එරට ජනාධිපති මුන් ජෙන් -යින් අද (27) මුණ ගැසුනා. දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී උතුරු කොරියානු නායකයාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

දෙරටේ රාජය නායකයින් අතර මේ වන විට ද්ව්පාර්ශවික සාකච්ජාවන් ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කොරියානු සමුළුව හරහා දෙරටේ සාමය යලි වර්ධනය වෙනු ඇති බවයි දේශපාලන විචාරකයින් මත පල කරන්නේ.

...................................................................................................................................................................................................................................................................................

 

කිම් ජෝන් උන් උතුරු කොරියාව හැර යයි : අවුරුදු 65 කට පසුව ඓතිහාසික ගමනකට සැරසෙයි (UPDATE)

 දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර පැවැත්වීමට නියමිත සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් පළමු වරට සිය රටේ දේශ සීමාව තරණය කර දකුණු කොරියාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

1953 වසරේදී පැවති කොරියානු යුද්ධයෙන් අනතුරුව වසර 65 කට පසුව උතුරු කොරියානු නායකයෙක් දකුණු කොරියාවට පය තබන පළමු අවස්ථාව ලෙස මෙම ඓතිහාසික අවස්ථාව ඉතිහාසගත වනවා.

සමුළුව සඳහා සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායකයා පියොන්යෑන් (Pyongyang) සිට දේශසීමාව බලා ගමන් ආරම්භ කර තිබෙනවා. 

දෙරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ දකුණු කොරියානු ජනාධිපති මොන් ජේ-යින් සහ උතුරු කොරියානු නායකයා අතර ද්වි පාර්ශවික සාකච්ජාවන් දකුණු කොරියානු දේශසිමාවේදී පැවැත් වීමට සියල්ල සුදානම් කර ඇති බවයි.

සිය නයෂ්ටික වැඩසටහන් නවතාලීම, අමෙරිකානු ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට ඉදිරිපත් වීම යනාදී කරුණු සමග මේ වන විට කලක් ලොවක් වපර ඇසින් බැලූ උතුරු කොරියානු නායකයා මේ වන විට ජාත්‍යන්තරය තුල සිය ජනප්‍රියතාවය ඉහල යමින් තිබෙනවා.