Wednesday, April 24, 2024

General line - 0115112241

පොළොන්නරුවේ පුරාවිද්‍යා කැනීමකින් පුරාවස්තු රැසක් හමුවෙයි (PHOTOS)

සමන්ත කුමාර




පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ති‍්‍රක් කැනීම් නිලධාරීන් විසින් පොළොන්නරුව, විසි අටේ කණුව ප‍්‍රදේශයේ පසුගිය දිනවල සිදු කළ පුරාවිද්‍යා කැනීම්වලදී පුරාවස්තු රැසක් සොයා ගෙන තිබෙනවා. 

එම කැනීම්වලදී ඓතිහාසික ප‍්‍රතිමා ගෘහයක්, කුඩා චෛත්‍යයක්, බුදු පිළිම දෙකක්, බුදු හිසක් සහ බෝධිසත්ව පිළිම දෙකක් සොයා ගෙන ඇති බවයි කැනීම් නිළධාරීන් පැවසුවේ. සොයා ගෙන ඇති ප‍්‍රතිමා ගෘහයේ උස අඩි 10ත් 15ත් අතර වනවා. 

මෙම පුරාවස්තු වල කාලය නිර්ණය කිරීම සහ ඓතිහාසික වැදගත්කම පිළිබඳ තොරතුරු ඉදිරියේදී අනාවරණ කළ හැකි බවයි එම නිලධාරින් වැඩිදුරටත් පැවසුවේ.