Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණයට හදිසියේ බාධාවක්

ඉෂාර සුපෙම් මානගේ/කසුන් කැළුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමයකින් තොරව කල් දමා ඇතැයි ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

නිලවරණය සඳහා වූ නාමයෝජනා බාර දීම අද (27) දින අවසන් වීමට නියමිතව තිබූ අතර නිලවරණය මෙහෙයවීම සඳහා පත්කළ නිලවරණ කමිටුවට එරෙහිව විරෝධතාවක් විභාග කිරිමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

නිලවරණයේ නීත්‍යානුකූල බව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති අතර එහිදී නීතිපතිවරයා පවසා ඇත්තේ නිලවරණ කමිටුව නීත්‍යානුකූල නොවන බවයි. ක්‍රිකට් නිලවරණය මැයි 19 දා පැවැත්වීමට නියමිතව තිබුණා.