Thursday, April 25, 2024

General line - 0115112241

ඉරණවිල මුහුදෙන් මතුවූ ඉල්ලම

ජූඩ් සමන්ත




හලාවත ඉරණවිල ප‍්‍රදේශයේ මාදැලකට අද පස්වරුවේ කිලෝග්‍රෑම්  50,000කට ආසන්න බරකින් යුත් මසුන් තොගයක් හසුවී තිබෙනවා. කිලෝග්‍රෑම් 15ට වැඩි බරකින් යුත් පරා මසුන් 2,500ක් පමණ සහ කිලෝග්‍රෑම් 8ත් 10ත් අතර බරකින් යුත් තෝරා මාලූ 250ක් පමණ එම දැලට හසුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

 ඉරණවිල ප‍්‍රදේශයේ මාදැලකට මීට පෙර මෙවැනි විශාල මසුන් ප‍්‍රමාණයක් හසුව නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.