Saturday, April 20, 2024

General line - 0115112241

ලොව සිදුවූ විශාලම කුඩා දරුවන්ගේ බිළි පුජාවේ සාක්ෂි මතුවෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙලොව ඉතිහාසයේ සිදුවූ බවට සැලකෙන විශාලතම දරුවන්ගේ ජිවිත පුජාව පිළිබඳව සාක්ෂි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් කණ්ඩායමකට හැකිවී තිබෙනවා. 

ඒ මිට වසර 550 කට පමණ ඉහතදී සිදුකල බවට සැලකෙන මෙම බිලි පුජාව සිදුව ඈත්තේ පේරු දිවයිනේ උතුරු මුහුදු සීමාවට ආසන්න ප්‍රදේශයක බවයි එම පුරාවිද්‍යාඥයින් පවසන්නේ. 

මෙලෙස බිලි පුජාවට ලක් කල දරුවන් සංඛ්‍යාව 140 කට අධික බවයි සැලකෙන්නේ. එලෙස බිලි පුජාවේදී ඝාතනයට ලක්වූ දරුවන්ගේ සිරුරු වල අස්ථි හා  කොටස් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙම ස්ථානය පිහිටා තිබුණේ පැසිෆික් සාගරයේ පිහිටි ලයි ලිබර්ටාඩ්හි පිහිටි කඳු මුදුනක් සහිත ප්‍රදේශයක් බවයි. චයිම් ශිෂ්ටාචාරය පැවති පේරු දිවයිනේ උතුරු ප්‍රදේශයේ වැඩි වශයෙන් සිටියේ චන්ද්‍රයාට නමස්කාර කල පුරාණ කොලොම්බියානු ජන කොට්ඨාශයක් බවයි. 

ඇස්ටෙක්, මායා සහ ඉන්කා යන ජන කොට්ඨාෂයන් අතර මිනිස් බිලි පුජාවන් සිදුවූ බවට සාක්ෂි තිබුනත් මෙවැනි දරුවන් පිරිසක් එක්වර බිලිදුන් අවස්ථාවක් ගැන ඉතිහාසයේ කොතනකවත් සඳහන් වී නොමැති බවයි මේ පිළිබඳව පරීක්ෂණ කරන පුරාවිද්‍යාඥන් සදහන් කර සිටින්නේ. 

වසර පහක් පුරා සිදුකළ කැණීම්වලදී පරීක්ෂකයින් විසින් කුඩා දරුවන්ගේ කොටස් 140 ක් සහ බාලවයස්කාර ලාමස් 200 ක් සොයාගෙන ඇති අතර ඔවුන් පැළද සිටිය බවට සැලකෙන වයර් සහ රෙදිපිළි කොටස්ද හමුවී තිබෙනවා.