Friday, April 19, 2024

General line - 0115112241

රජයේ අනුමත මත්පැන් බෝතල් 50 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




නිතිවිරෝධි ලෙස ගබඩා කර තිබු රජයේ අනුමත මත්පැන් බෝතල් 50 ක් සමග සැකකරුවෙකු බගවන්තලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බගවන්තලාව බි‍්‍රඩ්‍රිවල් වතුයායේ නිවසක තිබියදියි.

වෙසක් උත්සව සමයේ මත්පැන් අළෙවිසැල් වසා තබන බැවින් එම කාලයේදි අධික මිළකට අළෙවි කිරීමට මෙම මත්පැන් තොගය ගබඩා කර තිබූ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සැකකරු සහ මත්පැන් තොගය හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.