Wednesday, April 24, 2024

General line - 0115112241

සල්ලි දන්සැලක් දෙයි (PHOTOS)

සමන් විජය බණ්ඩාර




මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් අද (29) දින මුදල් දන්සැලක් සංවිධානය කර තිබෙනවා.

සිය  දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පිණිස මෙම මුදල් දන්සැල සංවිධානය කර තිබෙන බවයි දන්සැල සංවිධානය කළ සබරගමුව පළාත් සභා හිටපු මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන සඳහන් කළේ.

මාවනැල්ල ලෝල්ලේගොඩ ඔහුගේ නිවස ඉදිරිපිටදී අද උදෑසන මෙම දන්සැල පැවැත් වුණා.

උදෑසන  9.00  ආරම්භ කල දන්සැලට පැමිණි සියලූ දෙනා වෙනුවෙන් රුපියල් 100 බැගින් මෙහිදි  මුදල් ලබාදුන්නා.

පැය දෙකකට වැඩි කාලයක්  තිස්සේ  මෙම  සල්ලි  දන්සැල  පැවැති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

මෙවැනි  දන්සැලක්  පැවැත්විම  සම්බන්ධයෙන්  අදහස්  දැක්වු ඔහු සඳහන් කළේ "හැම  තැනම  විවිධ  දන්සැල්  තියෙනවා.  මට  මතකයි  අපි  පුංචි  දවස්වල  වෙසක්  පෝය දවසේ මේ අවට ඇවිදින්න ගියපුවාම සමහර වේලාවට අපිට සල්ලි ඕනෑ වෙනවා. ඉතින් ඒ වාගේ අවස්ථාවන්වලට  රුපියල්  100  ක් හරි  මුදලක්  තියෙනවා  නම්  ඒ  වේලාවට ගොඩාක් වටිනනවා.  එක්සත් ජාතික පක්ෂයේ  සමහර අය  අපි  සල්ලි  දන්සැලක්  දෙනවා  කිව්වාම  කලබල වෙලා..  හොර සල්ලි දන්සැලක් දෙනාවා.. කියලා හැම තැනට තුණ්ඩු දාලා තියෙනවා. නමුත් අපි ඒ මෝඩ එක්සත්  ජාතික  පක්ෂයේ  අයට  කියනවා  හොර  සල්ලි  අපි  බෙදනවා  නම්  ළඟම  තියෙන පොලිසියේ  පැමිණිල්ලක්  දාන්න කියලා." යනුවෙනි.