Tuesday, April 16, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති සහ උතුරු කොරියානු නායකයාගේ හමුවට ඇති බාධාව 'ස්ථානය'




උතුරු සහ දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික සාකච්ඡාවෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ට විශේෂ දුරකතන ඇමතුමක් ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී අමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ සියලු දේ ඉතා හොඳින් සිදුවන බවයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීම සඳහා සුදුසු ස්ථානයක් සහ වේලාවක් තීරණය කරමින් සිටින බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි.

මේ අතර ඊයේ වොෂින්ටනයේ පැවති රැළියකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ සති තුනක් හෝ හතරක් ඇතුළත තමා උතුරු කොරියානු නායකයා හමුවන බවයි.