Saturday, April 20, 2024

General line - 0115112241

කාබුල් නුවර පිපිරීම් 2ක් - 21ක් මරුට (VIDEO)

හේමන්ත කහවලගේ - සී එන් එන් ඇසුරෙන්




ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එක් පිපිරීමක් සිදුව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සහ ඇෆ්ගනිස්තාන රජයේ ගොඩනැගිලි කිහිපයක් අතරයි. මියගිය පිරිස අතර ඒ එෆ් පී  ප‍්‍රංශ පුවත් සේවයේ චායාරූප ශිල්පියෙකු වන ෂා මිරාද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පිපිරීම්වලින් තුවාල ලැබූ තවත් 27 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.