Friday, April 19, 2024

General line - 0115112241

සිරියානු හමුදාවන්ට අභිරහස් මිසයිල ප්‍රහාරයක් (VIDEOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරියානු රජයේ හමුදාවන්ට ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිරියාවේ උතුරු ප්‍රදේශයට වන්නට පිහිටි හමා හා අලේපෝ ප්‍රදේශවල පිහිටි හමුදා කදවුරු ඉලක්ක කර ගනිමින් මෙම මිසයිල ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කලාද යන්න පිලිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි එරට රජයේ හමුදාවන් සඳහන් කර සිටියේ.

නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම ප්‍රහාරයෙන් සිරියානු රජයට හිතවාදී සටන්කරුවන් 26 දෙනෙක් මියගොස් ඇති බවයි. එයින් බහුතරයක් ඉරාන ජාතිකයින් බවයි සඳහන් කරන්නේ. කෙසේ නමුත් සිරියානු රජය තම හමුදා කදවුරු ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයන් ගෙන් සිදුවූ හානි ගැන මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

මිට පෙර අවස්ථා දෙකකදී ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය එක්ව සිරියාවට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවා. එමෙන්ම ඊශ්‍රායලයද සිරියාවේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. කෙසේ නමුත් ඊයේ රාත්‍රියේ එල්ලවූ ප්‍රහාරය ගැන බටහිර රටවල මැදිහත්වීමක් දකින්නට නොලැබෙන බවයි යුධ විශ්ලේෂකයින් පවසන්නේ.