Thursday, March 28, 2024

General line - 0115112241

මහ මග මැයි දින සැමරුමක් (PHOTOS)(UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර/ දිල්ෂාන් තුෂාර




පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (01) කොළඹදී සිය මැයි රැළිය පවත්වනු ලැබුවා.

(එහි ඡායාරූප පහතින් දැක්වෙයි)

-------------------------------

මහ මග මැයි දින සැමරුමක්

(01-05-2018 06:28)

 

කම්කරු දිනය ලෝකයේ බොහෝ රටවල් අද (01) සැමරුවද ශී‍්‍ර ලංකාව තුළ කම්කරු දින සැමරුම් අද දිනයේ සිදු නොකිරීමටයි රජය තීරණය කළේ. ඒ, වෙසක් සතිය නිමිති කර ගනිමින්.

එහෙත් අද (01) දිනයේද කම්කරු දින සැමරුම් කිහිපයක් කොළඹ නගරයේ සංවිධාන කර තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ කම්කරු දින රැළියද පැවැත්වෙන්නේ අද (01) දිනයේයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ කියා සිටියේ තමන්ට ක්‍රීඩා පිටියක් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් තමන් මහා මාර්ගයේ දී සිය මැයි රැළිය සමරන බවයි. එමෙන්ම අද (01) දින මැයි දිනය සමරන සියළුම වාමාංශික පක්ෂවලට තමන් සහාය ලබාදෙන බවද ඔහු කියා සිටියා.