Tuesday, April 16, 2024

General line - 0115112241

Avengers infinity war ලොව පෙරළියක් කරයි (VIDEO)




මේ දිනවල ලොව පුරා තිරගත වන, සිනමා ලෝලීන්ගේ වඩාත් ආකර්ෂණයක් දිනා ගත් Avengers infinity war චිත්‍රපටය සතියක් තුළ ඇමෙරිකා ඩොලර් මිලියන 630ක ආදායමක් උපයමින් සිනමා ක්‍ෂේත්‍රයට නව වාර්තාවක් එක්කර තිබෙනවා.

චිත්‍රපටය ලොව පුරා තිරගත වීම ආරම්භ කෙරුණේ පසුගිය සතියේ දීයි. 

2017 වසරේ දී තිරගත වූ ද ‍ෆේට් ඔෆ් ද ෆියුරියස් චිත්‍රපටය ද වාර්තාගත ආදායමක් තැබුවා. එය තිරගත කළ පළමු සතියේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 542ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තබා තිබෙනවා. 

එම වාර්තාව ද බිඳ දමමිනුයි avengers infinity war චිත්‍රපටය සිනමා ඉතිහාසයට නව වාර්තාවක් එක්කිරීමට සමත් වුණේ.

ඇමෙරිකා ජාතික ඇන්තනි රූසෝ සහ ජෝ රූසෝ යන නිර්මාණකරුවන් දෙදෙනායි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ.