Thursday, April 25, 2024

General line - 0115112241

හෙට තවත් දිවුරුම්දීමක් - අද දිවුරුම් දුන් සියලු ඇමතිවරුන්ගේ ඡායාරූප මෙතැනින්




නව අමාත්‍ය මණ්ඩලය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

නව කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකු මෙලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූවා.

ඔවුන්ගේ නම් සහ අමාත්‍යාංශ පහත පරිදි වේ.

  1. - ලක්ෂ්මන් කිරිඇල්ල         - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය    
  2. - ආචාර්ය සරත් අමුණුගම   -  විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය 
  3. - එස්.බී. නාවින්න              - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය
  4. - මහින්ද අමරවීර               - කෘෂිකර්ම අමාත්‍ය
  5. - දුමින්ද දිසානායක            - වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
  6. - විජිත් විජියමුණි ද සොයිසා  -   ධීවර  හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍ය
  7. - පී. හැරිසන්                       -   සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
  8. - කබීර් හෂීම්                       -  මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
  9. - රංජිත් මද්දුමබණ්ඩාර        -  රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය
  10. - තලතා අතුකෝරළ           -  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය 
  11. - ෆයිසර් මුස්තාපා               -  පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය
  12. - ඩී.එම්. ස්වාමිනාදන්          -   නැවත පදිංචිකිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබද අමාත්‍ය
  13. - සාගල රත්නායක             -   තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය 
  14. - මනෝ ගනේෂන්         -    ජාතික ඒකාබද්ධතා , සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය
  15. - දයා ගමගේ                -   සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය
  16. - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  -  තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය 
  17. -  රවින්ද්‍ර සමරවීර         -   කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
  18. - විජයදාස රාජපක්ෂ        -  උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම ක්‍රියාත්මක වන අතර, නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට (02) පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදුවෙනවා.

ඒ සදහා ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.