Friday, April 19, 2024

General line - 0115112241

"වට්ස්ඇප්" සම නිර්මාතෘ ධූරයෙන් ඉවත් වෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වට්ස්ඇප් සමාගමේ සම නිර්මාතෘ මෙන්ම එහි ප‍්‍රධාන විධායක නිලධාරියාද වූ ජෑන් කුම් සිය ධුරයෙන් ඉවත් වුණා. විදෙස් වාර්තා පවසන්නේ මේවනවිට වට්ස්ඇප්හි හිමිකාරීත්වය පවතින ෆේස්බුක් සමාගමත් සමග ඇතිවූ ප‍්‍රතිවිරුද්ධ මත ගැටුම් ඊට හේතුවී ඇති බවයි.

2009 වසරේ බිහිකළ වට්ස් ඇප් සමාගම 2014 වසරේදී ෆේස්බුක් සමාගම සඳහා ඩොලර් බිලයන 19ක මුදලකට විකුණා දැමුවා.

එහෙත් ජෑන් කුම් පවසන්නේ මේවනවිට වට්ස් ඇප්හි ඉරණම අවිනිශ්චිත බවයි. බි‍්‍රතාන්‍ය සමාගමක් විසින් දත්ත සොරා ගැනීමේ සිද්ධියෙන් පසු ඔහු ෆේස්බුක් සමාගමට චෝදනා රැසක් එල්ල කළා.