Tuesday, April 23, 2024

General line - 0115112241

හිටපු ජනපති ආර්. පේ‍්‍රමදාස ගුණ සැමරේ (PHOTOS)

වසන්ත පිවිතුරු




මෙරට දෙවන විධායක ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ 25වන ගුණ සමරුව අද (01) පැවැත්වුණා. ඒ කොළඹ අලූත්කඬේ උසාවිය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදීයි.

ගුණ සමරුව සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද සහභාගී වුණා.

රණසිංහ ප්‍රේමදාස මහතා රටේ ජනාධිපතිවරයා ලෙස සිටි කාලයේ දී සමාජයෙන් නැඟුණු අපවාද රැසක් වූ අතර 'මාව ඝාතනය කරන්න. මගේ චරිතය ඝාතනය කරන්න එපා...'යි ඔහු අවසානයේ කීවේ එම අපවාද දරාගන්නට බැරිම තැන බව සඳහන් වනවා. 'සත්‍යය කවදා හෝ ජය ගනී' යනුවෙන් පවසමින් එතුමා සිය අවසන් කතාව නිමා කරනු ලැබුවේ 1993 වසරේ අප්‍රේල් මස 30 වනදායි.

ඊට පසුදා, එනම් 1993 මැයි මස 1 වැනි දින මැයි දින පෙළපාලියකට සහභාගී වෙමින් සිටියදී කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ දී එල්ලවූ කුරීරු එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.