Tuesday, April 23, 2024

General line - 0115112241

ට්‍රම්ප් හා කිම් ජෝන් අතර සුවිශේෂී හමුවට යෝජනා කල තැන මෙන්න (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් අතර පැවැත්වීමට යෝජිත හමුව කොරියානු යුධ මුක්ත කලාපයේ දී සිදුවනු ඇති බවට වාර්තා පල වෙනවා. 

අමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුව කොරියානු යුධ මුක්ත කලාපයේදී පැවැත්වීමට එකඟ වන මෙන් මෙහිදී උතුරු කොරියානු නායකයාගේ කැමති කරවා ගැනීමට දකුණු කොරියානු ජනපති මුන් ජේ-ඉන් හට හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පසුගිය කොරියානු නායකයින් ගේ එතිහාසික හමුව සිදුවූ ස්ථානයේදීම මෙම රාජ්‍ය නායක හමුවත් සිදුවෙනු ඇති බවයි දැනට අදහස් පළවෙන්නේ. 

පසුගියදා පැවති කොරියානු සමුළුවේදී දුටු ජයාරූප හා රුපවාහිනි දර්ශන දැකීමෙන් පසු ජනාධිපති පවසා ඇත්තේද කොරියානු යුධ මුක්ත කලාපයේ පිහිටි "පැන්මුන්ජෝම්" හිදී සිදුකිරීමේ අකමැත්තක් නැති බවයි.

කෙසේ නමුත් අමෙරිකාව හා දකුණු අප්‍රිකාව අතර සාකචිජාවන් පැවැත්වීම සඳහා මුලින්ම තෝරා ගෙන තිබුනේ සිංගප්පුරුව සහා මොන්ගෝලියාව යන රටවල්ය. 

අමෙරිකා ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර සාකච්ජාවන් මැයි මස අවසානයේදී පැවැත්වීමට ඉඩපවතින බවයි වාර්තා වන්නේ.