Saturday, April 20, 2024

General line - 0115112241

ගිනිගත් බ්‍රසීලයේ මහල් 26 ක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රසීලයේ, සාඕ පාලෝවූ අගනුවර පිහිටි මහල් 26 කින් යුත් ගොඩනැගිල්ලක අද ඇතිවූ දරුණු ගින්නකින් පසුව එය කඩා වැටෙන අයුරු මාධ්‍ය විසින් වාර්තා කර තිබුනා. 

මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරනවා.

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් 150 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබුනා.

ගින්න ඇතිවී මිනිත්තු 90 ක් වැනි කාලයක් තුලදී එම ගොඩනැගිල්ල කඩා වැටුණු බවයි බ්‍රසීල ගිනි නිවීම් සේවා ඒකකයේ ප්‍රකාශයක් සඳහන් කරනවා.