Thursday, April 25, 2024

General line - 0115112241

අයිතීන් වෙනුවෙන් සටන් කළ යුතු ආකාරය ගැන කම්කරුවන්ට පැහැදිළි කිරිමක්



පක්ෂ දේශපාලනයෙන් බැහැරව සිය අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට සහ ගැටළු විසඳා ගැනීමට කම්කරුවන් උත්සහ කළ යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (01) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදීයි. කම්කරු දිනය මේ වනවිට සැමරෙන්නේ සැබවින්ම කම්කරුවා වෙනුවෙන්දැයි එහිදී සාකච්ඡා කෙරුණා.

සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර ද මෙම වැඩසටහනට සහභාගී වුණා. ඔහු පැවසුවේ දේශපාලනය විසින් මෙන්ම ප‍්‍රබල ව්‍යාපාරිකයින් විසින් ද කම්කරු සටන් සිය උවමනාවන් අනුව මෙහෙයවීමට පටන් ගෙන ඇති බවයි.

කම්කරු දිනය සමරන්නේ මැයි පළමු වනදා ද නැතහොත් 07 වනදා ද යන්න නොව වඩා වැදගත් වන්නේ කම්කරු ගැටළු නිවැරදිව තේරුම්ගෙන ඊට සාධාරණ විසඳුම් ලබාදීම බවද මෙහිදී අවධාරණය කෙරුණා.