Saturday, April 20, 2024

General line - 0115112241

දරු සුරතල් විඳින හිටපු ජනපතිනිය (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / වසන්ත පිවිතුරු




හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දරුසුරතල් විඳින ඡායාරූප පෙළක් මාධ්‍යවල පලවී තිබුණා.

මැයි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වෘත්තීය සමිති නායකයන් සිහිපත් කිරිමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවති අතර මෙහිදී හිටපු වෘත්තීය සමිති නායකයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙනුවෙන් ගුණ සැමරුමක් ද සංවිධානය කර තිබුණා.

එම අවස්ථාවට ඔහුගේ දියණිය වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද සිය දරුවා කැටුව එහි පැමිණ සිටියා.

එහිදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මන්ත්‍රීවරියගේ දරුවා සුරතල් කරන ආකාරය පහත ඡායාරූපවලින් දැක්වෙනවා.