Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා තේවලට ජපාන වෙළඳපොලේ අවදානම් තත්ත්වයක්




පසුගිය මාස හතරක කාලයක් ශ්‍රී ලංකාවෙන් ජපානයට අපනයනය කළ  රුපියල් බිලියන 1 කට ආසන්න වටිනාකමකින් යුත් නෞකා තොගයක් එරට බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරිමෙන් මේ වසරේ ජපානයට තේ අපනයන ආදායම අවම වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා තේ සඳහා ලැබෙන ජපාන ප්‍රධාන වෙළඳපොළ අහිමිවීමේ අවදානමක් පවතින බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ. 

එමෙන්ම ශ්‍රී ලංකාවට ජපාන තේ වෙළෙඳපොළ අහිමි වුවහොත් මෙරට තේ කොළ වෙන්දේසි මිල සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

දැනට මෙරට උසස් තේ කොළ සඳහා ජපාන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින අතර අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ මිලක්ද හිමිවනවා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ විකල්ප ක්‍රමයවේදයක් අනුගමනය කිරිමට තේ මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළද එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බවද වාර්තා වෙනවා.