Thursday, April 18, 2024

General line - 0115112241

මිලියන 87කගේ ෆේස්බුක් දත්ත සොරා ගත් බි‍්‍රතාන්‍ය සමාගම වැසේ

පවිත‍්‍රා මධුහර්ෂණි රොයිටර්ස් ඇසුරෙන්




පසුගිය දිනවල ජාත්‍යන්තරය තුල දැඩි කතාබහකට ලක්වූ බි‍්‍රතාන්‍යයේ කේමිබි‍්‍රජ් ඇනලටිකා සමාගම වසා දමා තිබෙනවා. ඒ ෆේස්බුක් සමාගමට අයත් එහි පරිශීලකයින් මිලියන ගණනකගේ දත්ත සොරා ගැනිම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හමුවේයි. 

දේශපාලන මැදිහත්වීම් මත ලොව පුරා සිටින ෆේස්බුක් පරිශිලකයින් මිලියන 87කගේ පමණ දත්ත සොරා ගෙන ඇති බවට ෆේස්බුක් සමාගම විසින් කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම වෙත චෝදනා එල්ල කරනු ලැබුවා. මේවනවිටත් එම චෝදනා පවතින්නේ විභාග වෙමින්.
 
බි‍්‍රතාන්‍ය පුවත්පත් පවසන අන්දමට කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම වසා දමා ඇත්තේ ඊයේ දිනයේ සිටයි. එහි සියලූ කාර්යය මණ්ඩලයටද සිය රාජකාරී උපකරණ යළි භාරදෙන ලෙස සමාගම විසින් දැනුම් දිමක් කරනු ලැබ තිබෙනවා.
 
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ දිගින් දිගටම එල්ල වූ චෝදනාවන් මෙන්ම නීතිමය කි‍්‍රයාමාර්ග හා සිය ගනුදෙනුකරුවන් ඉවත් වීම හමුවේ සමාගම වසා දැමීමට කේම්බි‍්‍රජ් ඇනලටියා පාලනාධිකාරියට සිදුවු බවයි.