Thursday, April 25, 2024

General line - 0115112241

දූවිලි කුණාටුවක් ජීවිත 100ක් බිලිගනී (PHOTOS)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දකුණු දිග ඉන්දියාවට බලපෑ දූවිලි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ජිවිතක්ෂයට පත්වූවන් අතරට උත්තර් ප‍්‍රදේශ් වැසියන් 64 දෙනෙකු හා ආග්රා දිස්ති‍්‍රක් වැසියන් 43 දෙනෙකු අයත්, රාජස්ථාන් ප‍්‍රාන්ත වැසියන් 31 දෙනෙකු අයත්. ජිවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකැ බවටයි බලධාරීන් අනතුරු අ`ගවන්නේ. 

දකුණු ඉන්දිය ප‍්‍රාන්ත කිහිපයකට ඊයේ රාතී‍්‍රයේ බලපෑ අකුණු අනතුරු සමගින් මෙම දූවිලි කුණාටු තත්ත්වයද බලපා තිබුණා. මියගිය බොහෝ පිරිසක් රාති‍්‍රයේ නිදා සිටියදී ගස් සහ නිවෙස්වල බිත්ති කඩා වැටීමෙන් අනතුරට පත්වූවන්. ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල විදුලි සැපයුම බිඳ වැටී තිබෙනවා. පාසල් ඇතුළු පොදු ස්ථාන තාවකාලිකව වසා දමා ඇති බවද සඳහන්. විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා තවදුරටත් සහන මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. විපතට පත් පවුලක් වෙනුවෙන් වන්දි මුදල් ලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් ලබා දීමට ප‍්‍රාන්ත රජයන් තීරණය කර තිබෙනවා.