Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් 'යූ ආර් අ ලීඩර්' 25 වන වැඩසටහන සාර්ථකව අවසන් කෙරේ (UPDATE)

ඩිල්ෂාන් මඩවල/දිල්ෂාන් තුෂාර/ලහිරු කපුගේ




නෙත් නිවිස් යු ර් ලිඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 25 වැන්න සාර්ථකව ඊයේ බදුල්ල පස්සර මධ්‍ය විද්‍යාලයේදී නිමාවට පත්වුනා.
පසුගිය තුන්වෙනිදා මෙම නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩ සටහන ආරම්භ කෙරුණු අතර නේවාසික පුහුණු කඳවුර ආරම්භ කෙරුණු ලැබුවේ පසුගිය හතරවෙනිදායි.

සිසු සිසුවියන් ඉතා ඕනෑකමින් සියළුම තරග වලට සහභාගීවී සියළුම අභියෝගයන් ජය ගනිමින් තම දක්ෂතාවයන් පෙන්නුම් කරණු ලැබුවා. 

පස්වෙනිදා රාත්‍රියේ ගිණිමැල සංදර්ශනයකදී පැවැත්වූ අතර ඊයේ දිනයේදී නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන අවසානය සනිටුවහන් කරමින් සිසු සිසුවියන්ගේ දෙමාපියන් සඳහා වන පුහුණු සසියක්ද පවත්වනු ලැබුවා.

ඉන් අනතුරුව ජයග්‍රාහි කණ්ඩායම් සඳහා සහතික පත් සහ ත්‍යාග ප්‍රධානය කිරීම සිදු කෙරුණා.


 

........................................................................................................................

අද 'යූ ආර් අ ලීඩර්' තුළින් මව්පියන් සඳහා වන පුහුණු සැසියක් 

(06-05-2018 07:12)

පස්සර මධ්‍ය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යු ආර් අ ලිඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ අද (06) සිව්වන දිනයයි.

මෙම වැඩසටහනේ ඊයේ (05) දිනයේ කටයුතු නිමාවට පත් වුණේ විචිත‍්‍රවත් ගිනිමැල සංදර්ශනයකින්. 

පස්සර මධ්‍ය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යු ආර් අ ලිඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දී ලද අත්දැකීම් පිළිබඳ සිසුන් පළ කළ අදහස් පහතින් දැක්වෙයි.

අද පස්වරුවේ මව්පියන් සඳහා වන පුහුණු සැසියක් ද පස්සර මධ්‍ය විද්‍යාලයේදී පැවැත්වෙනවා. ජීවිතය ජයගැනීම සඳහා දරු දැරියන් මෙහෙයවන්නේ කෙසේදැයි යන්න පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

පස්සර මධ්‍ය විද්‍යාලයේ දෙමව්පියන්ට මෙන්ම වෙනත් පාසලක දරුවන් සිටින මවකට හෝ පියෙකුට ද මේ සඳහා සහභාගී වීමට අවස්ථාව තිබෙනවා. 
 

-----------------------------------------

යූ ආර් අ ලීඩර් 25වැන්නේ තෙවන දිනය අදයි (PHOTOS)(UPDATES)

(05-05-2018 19:33)

 

නෙත් නිවුස් යු ආර් අ ලිඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය පස්සර මධ්‍ය විද්‍යාලයේදී මේ වනවිටත් පැවැත්වෙනවා. නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන නේවාසික කඳවුර ළමුන් සියයකගේ සහභාගිත්වයෙන් ඊයේ (04) දිනයේදි ආරම්භ වුණා. අද උදැසන සිටම සිසු සිසුවියන් විවිධ ක‍්‍රියාකරකම්වල නිරත වෙමින් ඔවුන්ගේ දක්ෂතා පෙන්නුම් කළා. තවත් නොබෝ වේලාවකින් ගිනිමැල සංදර්ශනය ආරම්භ වීමට තියමිතයි. නෙත් නිවුස් යු ආර් අ ලිඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ අවසන් දිනය හෙටයි.

.............................................................................................

යූ ආර් අ ලීඩර් මා පිය වන්දනා (05-05-2018 12:32)

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 25 වැන්න මේවනවිට පස්සර මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා. 

ඊයේ පස්වරුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ නේවාසික කඳවුරේ දරු දැරියන් සඳහා අද උදෑසන මාපිය වන්දනා වැඩසටහනක් පැවැත්වුණා.

ඊට සහභාගී වූ සිසු සිසුවියන්ගේ දෙමවුපියන් පැවසුවේ තම දරුවන්ගේ පෞර්ෂ වර්ධනය සඳහා මෙම වැඩ සටහන් හොඳ අවස්ථාවක් බවය. ඒ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලැබුණ බවද දෙමාපියන් පැවසුවා.

--------------------------------------

යූ ආර් අ ලීඩර් 25වැන්නේ තෙවන දිනය අදයි

05-05-2018 07:19

පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ වර්ධන වැඩසටහනේ තෙවන දිනය අදයි (05). ඊයේ පස්වරුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100කට අධික පරිසකගේ සහභාගීත්වයෙන් නේවාසික කඳවුර ආරම්භ වුණා. මේවනවිට තෙවන දින කඳවුර පැවත්වෙමින් ඇති අතර අංකුර නායකයින් විවිධ කි‍්‍රයාකාරකම්වල යෙදී සිටිනවා. 

...........................................................................

 

යූ ආර් අ ලීඩර් 25වැන්නේ දෙවැනි දිනය අදයි  (04-05-2018 20:08)

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 25 වැන්න බදුල්ල පස්සර මධ්‍ය මහා විද්‍යාලයේදී මේ වනවිට පැවත්වෙනවා. එහි නේවාසික කඳවුර මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා. ඒ දරු දැරියන් සියයකට ආසන්න  පිිරිසකගේ සහභාගීත්වයෙන්. මෙම වැඩසටහන දැරු දැරියන්ට මෙන්ම පාසලටද ඉතා ඵලදායි බවයි පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති කේ එම් රංජිත් පියසේන පැවසුවේ.


විද්‍යාලයීය සියලූ දරු දැරියන් සඳහා ගද්‍ය රචනා හා චිත‍්‍ර තරගයක්ද අද (04) පැවැත්වුණා.

 

.............................................

යූ ආර් අ ලීඩර් 25වැන්නේ දෙවැනි දිනය අදයි  (04-05-2018 06:09)

නෙත් නිවුස් යු ආර් අ ලීඩර් නායකත්වය පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන තම පාසලට ලැබීම භාග්‍යයක් සේ සලකන බව පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව් එම් කරුණාදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (03) සහභාගි වෙමින්.

පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ දැරු දැරියන්ගේ කුසලතා විදහා පෑමටද නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ්දී ඊයේ වේදිකාව තනා දුන්නා.  

අද මෙම වැඩසටහනේ දෙවන දිනයයි. පස්සර මධ්‍ය මහා විද්‍යාලීය දරු දැරියන් සදහා චිත‍්‍ර සහ ගද්‍ය රචනා තරගයක් අද පැවැත්වෙනවා. තෝරාගත් දරු දැරියන් සිය දෙනෙකුගේ කණ්ඩායමක් සදහා නේවාසික කදවුරක්ද අද (04) ආරම්භ කිරීමට නියමිතයි.
--------------------------

යූ ආර් අ ලීඩර් 25වැන්න අද ඇරඹෙයි

03-05-2018 19:09

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 25 වැන්න අද (03) ආරම්භ වුණා. ඒ, පස්සර මධ්‍ය මහා විද්‍යාලයේදීයි. මෙම වැඩසටහන ජාතියේ අනාගතය වෙනුවෙන් කෙරෙන විශිෂ්ඨ ආයෝජනයක් බව එහි සමාරම්භක අවස්ථාවට සහභාගි වූ පස්සර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ එම් ධර්මසේන පැවසුවා. මෙවැනි වැඩසටහනක් සංවිධාන කිරීම වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝවට ස්තුතිය පළ කරන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. 

පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යු ආර් අ ලීඩර් වැඩසටහනේ පළමු දිනය වූ අද දරු දැරියන් වෙනුවෙන් විභාග පුහුණු සැසියක් පැවැත්වුණා. ඊට අමතරව දරු දැරියන් සදහා කථික සහ පද්‍ය ගායනා තරගද අද පැවැත්වුණා.