Friday, March 29, 2024

General line - 0115112241

ජංගම දුරකථන පිපිරුමෙන් 30 දෙනෙක් රෝහලේ (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රිතාන්‍යයේ, ස්ටෑම්ෆර්ඩ් හිල් ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරවාරයේදී එළිමහනේ සකසා තිබු ගිනි මැලයක් අසල සිදුවූ හදිසි පිපිරීමකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

බ්‍රිතාන්‍යයේ වෙසෙන යුදෙව් ජාතිකයින් පිරිසක් ඊයේ (03) දිනයේදී, ඔවුන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලැග් බි'ඕමාර් (Lag B'Omer) නම් ආගමික උත්සවය සංවිධානය කර ඇති අතර එහිදී එළිමහන් ගිනි මැලයක් දැල්වීම සිරිතක් වනවා.

ඊයේ මෙම උත්සවයට පැමිණි සිටි යුදෙව් පුජකවරයෙක් ජංගම දුරකථන හරහා සමාජයට සිදුවන බලපෑම් ගැන කරුණු පැහැදිලි කරදී තිබෙනවා.

පසුව එම පුජකවරයා උත්සවයේ ආරම්භය සනිහිටුවන් කරමින් එළිමහනේ තනා තිබු ගිනි මැලය දල්වනවාත් සමග එකවර ඒ තුලින් පිපිරීම් කිහිපයක් සිදුව තිබෙනවා. ඒ පිපිරීම් සමග ඇතිවූ ගිනි ගැනීම් වලින් අසල සිටි පාසැල් සිසුන් ඇතුළු 30 පුද්ගලයින් 30 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන වලින් හෙළිවී ඇත්තේ පුජකවරයා ගේ කරුණු පැහැදිලි කිරීම අසා සිටි කිහිපදෙනෙක් ගිනි මැලය තුලට තමන් සතුව තිබු ජංගම දුරකථන විසි කරන්නට ඇති බවත්, ඉන් මෙම පිපිරිම සිදුවන්නට ඇති බවයි.

බ්‍රිතාන්‍ය ගිනි නිවීම් ඒකකය සඳහන් කර සිටියේ ඊයේ දින රාත්‍රියේ මෙවැනි උත්සව කිහිපයක ගිනි ගැනීම් ඇතිවූ බවට ලද තොරතුරු මත තම කණ්ඩායම් එම ස්ථානවල රාජකාරින් සඳහා යෙදවූ බවයි.