Friday, April 26, 2024

General line - 0115112241

මුරපදයන් වෙනස් කරන්නැයි ට්විටර් සමාගමෙන් ගිණුම් හිමියන්ට හදිසි නිවේදනයක්

දිනුක් හේවාවිතාරණ




මිලියන 330 ක් වූ ගිණුම් හිමියන්ගේ මුරපද හැකි ඉක්මනින් වෙනස් කරන්නැයි ට්විටර් සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් අද (04) ඉල්ලා සිටියා. 

 ට්විටර් සමාගමේ අභ්‍යන්තර පරිඝණක පද්ධතියේ ඇතිව තිබෙන යම් බිදවැටීමක් හේතුවෙන් සිය ගිණුම් හිමියන්ගේ දත්ත වල රහස්‍යභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය ට්විටර් ගිණුමේ මුරපදය වෙනස් කරන මෙන් එම සමාගම ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් තෙවන පාර්ශවයකට ට්විටර් ගිණුම්වල රහස් පද හෙළිවී ඇති බවට මෙතෙක් සාක්ෂි නැති බවද එම සමාගම සදහන් කරන්නේ.

ඇතිව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් අවශ්‍ය සියලුම පියවර ගන්නා බව ඔවුන් සඳහන් කරනවා.

ලොව ප්‍රධාන පෙලේ රාජ්‍ය නායකයින් ඇතුළු ප්‍රභූවරුන් රැසක් ට්විටර් ගිණුම් භාවිතා කරනවා.

කෙසේ වෙතත් සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සියලුම ගිණුම් හිමියන්ගෙන් සමාව අයදින බව ට්විටර් සමාගම සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් කියා සිටිනවා.
 


ට්විටර් සමාගමේ බිලොග් අඩවියේ සදහන් නිවේදනය මෙතැනින්  

https://blog.twitter.com/official/en_us/topics/company/2018/keeping-your-account-secure.html