Wednesday, April 17, 2024

General line - 0115112241

වෙසක් සමයේ උපන් දරුවන්ට හා මව්වරුන්ට සෙත් පතා උතුම් පිංකමක් (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




සීගිරි කස්සප මහ පිරිවන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ ගුරු භික්ෂුන්වහන්සේලා රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථ පන්සල් වලට අයත් භික්ෂූන් වහන්සේලා දඹුල්ල මූලික රෝහලේ අලුත උපන් බිළින්දන්ට සහ මව්වරුන්ට සෙත් පිරිත් සජ්ජායනා කරමින් භික්ෂූන් වහන්සේලාට ලැබුණු විවිධ පිරිකර භාණ්ඩ මෙම මව්වරුන්ට ලබාදීමේ උතුම් පින්කමක් ඊයේ (03) පැවැත්වුණා.

සීගිරි කස්සප පරිවේණාධිපති සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද හිමියන් ඇතුළු පිරිවෙනෙහි  සියලුම ආචාර්ය හිමිවරුන් ශිෂ්‍ය හිමිවරුන් රංගිරි දඹුලු රජමහ විහාර උයන්වත්ත විහාරස්ථානයේ සිට පාගමනින් කිලෝ මීටර් එකහමාරක් පමණ දුරක් දඹුල්ල රෝහලට වැඩම කොට දඹුල්ල රෝහලේ මව්වරුන්ගේ වාට්ටුවේදී සියලු දෙනා හට සෙත් පිරිත් සජ්ජායනා කිරීම මෙහි විශේෂත්වයකි.

උතුම් වෙසක් පුන් පොහෝ දිනවල පිංකමක් හෝ කරගන්නට නොහැකිව මෙලොවට මනු සතුන් දායාද කරන්නට රෝහල් ගතවී සිටින මව් වරුන්ගේ හිත සුව පිණිස මෙම පිංකම සුදානම් කල බව ආචාර්ය ඉදිගස්වැව වජිර හිමියන් පැවසුවා.