Wednesday, April 24, 2024

General line - 0115112241

දැවැන්ත පිඹුරෙකු දුම්රියට බිලි - මෙවැන්නක් වාර්තා වු පළමු අවස්ථාව බව දුම්රිය සේවකයින් පවසයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




දුම්රිය මාර්ගය හරහා ගිය දැවැන්ත පිඹුරෙකු දුම්රියට හසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.  දුම්රිය මාර්ග පරික්ෂාවේ යෙදි සිටි සේවකයෙකු දුම්රිය මාර්ගය හරහා පිඹුරෙකු මැරි සිටින බවට මුලින්ම දැක ඒ පිළිබදව එම සේවකයා විසින් හැටන් දුම්රිය ස්ථානයට දැනුම් දි ඇත.

වටවල රක්ෂිතයේ සහ ඒ අවට තේ වතු වල පරිසරයේ ජිවත් වන දැවැන්ත පිඹුරෙකුයි මෙසේ දුම්රියට යට වි මරණයට පත් වි ඇත්තේ.

අඩි 07 පමණ දිගකින් යුක්ත මෙම පිඹුරා දුම්රිය මාර්ගය හරහා යාමේදි හැටන් සිට මහනුවර දක්වා අද (04) අලුයම 05.30 ට ධාවනය වු දුම්රියට  යට වෙන්නට ඇති බවට හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් සැකකරනවා.

උඩරට දුම්රිය මාර්ගය හරහා දුම්රියට යටවි මෙවැනි දැවැන්ත පිඹුරෙකු ජිවිතක්ෂයට පත් විම පිලිබදව මිට පෙර වාර්තා වි නොතිබුණු බව මේ පිළිබඳ අදහස් දක්වමින් හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවා. මිය ගිය පිඹුරා පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දිමටද හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් කටයුතු කර තිබෙනවා.