Tuesday, March 19, 2024

General line - 0115112241

ස්ටීව් ජොබ්ස් ගේ උපදේශක ජෝන් මැට්න් ශ්‍රී ලංකාවට




බුද්ධිමය නායකත්වය පිළිබද ලොව අංක එකේ අධිකාරිය හොඹවන ජෝන් මැට්න් ලබන සතියේ  දිවයිනට පැමිණෙනවා. ඒ, කොළඹ පැවැත්වෙන වැඩමුළු දෙකකට සහභාගිවීම සදහායි. මෙය සංවිධාන කරන්නේ මෙරට අළෙවිකරණ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ ආයතනයක් වන ශී‍්‍ර ලංකා අලෙවිකරණ ආයතනය හෙවත් ස්ලිම් ආයතනයයි. 

ලොව ප්‍රකට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ගේ ප්‍රධාන උපදේශකවරයාද වන්නේ ජෝන් මැට්න් ය. 

කොළඹ ෂැන් ග්‍රී ලායි හෝටලයේදී පැවැත්වෙන මෙම වැඩමුළුවේ ප්‍රධාන වැඩසටහන මෙම මස 12 වෙනිදා පැවැත්වෙන අතර 13 වෙනිදා පැවැත්වෙන වැඩමුළුව ව්‍යාපාරික සහ සමාගම් ප්‍රධානින් වෙනුවෙන් පවත්වන බවයි ස්ලිම් ආයතනයේ සභාපති ප්‍රදීප් එඩ්වඩ් කියා සිටියේ.