Saturday, April 20, 2024

General line - 0115112241

IS ත්‍රස්තවාදීන් සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසිගේ බෙල්ලට පිහිය තියයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




ජුනි 14 වෙනිදා රුසියාවේ, මොස්කව් හිදී ඇරඹීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඉස්ලාමිය ත්‍රස්තවාදී සංවිධානය (ISIS ) විසින් තර්ජන එල්ල කර තිබෙනවා.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී " ඔවුන් සියලු දෙනා ඝාතනය කරමු" යනුවෙන් දැක්වෙන පෝස්ටර් කිහිපයක් ඔවුන් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එම පෝස්ටර් වල පසුබිම වී ඇත්තේ රුසියාවේ පිහිටි පාපන්දු ක්‍රීඩාංගනයක් වන අතර එහි තුල දණ ගස්වා සිටින පාපන්දු ක්‍රීඩක "ලයනල් මෙසී" ගේ බෙල්ල මතට පිහියක් තබන් සිටින අයි.එස්. සංවිධානයේ සොල්දාදුවෙක් ගේ පෝස්ටරයක් ඇතුළු තවත් පෝස්ටර් කිහිපයක් ඔවුන් විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. 

අන්තර්ජාලය හරහා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කරන SITE නම් සංවිධානය විසින් සඳහන් කරන්නේ ප්‍රංශයට සම්බන්ධ අයි.එස්. සංවිධානයේ කණ්ඩායමක් විසින් මෙම පෝස්ටර් අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී අයි.එස්. සංවිධානය විසින් මේ ආකාරයේම පෝස්ටරයක් නිකුත් කරමින් රුසියානු ජනාධිපති වැලැඩිමීර් පුටින් හට තර්ජනය කරමින් කියා සිටියේ සිරියාවට එල්ල කරන ප්‍රහාරයන් වෙනුවෙන් වන්දි ගෙවන්න සුදානම් වන ලෙසයි.

කෙසේ වුවත් මේ තර්ජනය කිරීම් සම්බනධයෙන් රුසියානු රජය හෝ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.