Friday, March 29, 2024

General line - 0115112241

උතුරු කොරියාව පොරොන්දුවක් ඉටුකරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කොරියානු සමුළුවට සමගාමීව දුන් පොරොන්දුවක් ඉටු කරමින් උතුරු කොරියාව සිය වේලාව වෙනස් කර තිබෙනවා. ඒ අසල්වැසි දකුණු කොරියාවේ වේලාවට සමානවයි. ඒ අනුව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට උතුරු කොරියාවේ වේලාව මිනිත්තු 30ක කාලයක් ඉදිරියට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

උතුරු සහ දකුණු  කොරියාව අතර වර්ධනය වූ නව සම්බන්ධතාවල තවත් සාර්ථක පියවරක් ලෙයසි දෙරටම මෙම කි‍්‍රයාව විග‍්‍රහ කර ඇත්තේ.  ජපානයේ වේලාවට සමාන වන ලෙස 2015 වසරේදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් දකුණු කොරියාවට පිටුපා සිය වේලාව වෙනස් කරනු ලැබුවා. 

කෙසේ වෙතත් අමරිකාව සහ උතුරු කොරියාව අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික සාකච්චා සඳහා මේවනවිට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඒ අනුව අමරිකානු ජනාධිපති ඩෙනෙල්ඩ් ට‍්‍රම්ප් පවසන්නේ මේවනවිටත් ඒ සඳහා දිනයක් සහ ස්ථානයක් තීරණය කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වන සියලූ තොරතුරු නුදුරේදීම හෙළි කරන බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

එහෙත් ලොවම ඉලක්ක කර තර්ජන රැසක් එල්ල කළ උතුරු කොරියාව මෙලෙස නම්‍යශිලීව සිටින්නේ කුමක් නිසාද යන්න තවමත් අභිරහසක් බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.