Friday, March 29, 2024

General line - 0115112241

වසරේ වැඩිම රත‍්‍රං තොගය අල්ලයි (PHOTOS)

ටී කේ ජී කපිල - කටුනායක




රුපියල් කෝටි 05ක් පමණ වටිනා රත‍්‍රං කිලෝ 07ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ ගුවන් තොටුපල සේවකයෙකු සහ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ඊයේ රාති‍්‍රයේ අත්අඩංගුවට ගැනුණා. ඒ, කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක අංශ විසින්. රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු අධ්‍යක්‍ෂ සුනිල් ජයරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ සැකකාර ඉන්දීය ජාතිකයින් දෙදෙනා බඳපටියක සඟවා මෙම රත‍්‍රං තොගය රැගෙනවිත් ඇති බවයි. 

මෙම රත‍්‍රං තොගය නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේදී මෙම වසරේ අත්අඩංගුවට ගැනුනු වැඩිම රත‍්‍රං තොගය වන බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.