Friday, March 29, 2024

General line - 0115112241

මුම්බායි ඉන්දියන්ස් පිළට තවත් අයි පී එල් ජයක්




ඉන්දියන් පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි. පූනේහිදී එම තරගය අද (05) පස්වරුවේ ආරම්භවීමට නියමිතයි. සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර තවත් තරගයක් අද රාති‍්‍රයේ පැවැත්වෙනවා. ඒ හයිද්‍රබාද්හිදීයි. 

මේ අතර ඊයේ (04) පැවැති තරගයකින් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 06ක ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 06ක් දැවී ලකුණු 174ක් රැුස්කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ මුම්බායි කණ්ඩායම 19වන පන්දුවාරයේදී කඩුළු 04ක් පමණක් දැවී  ලකුණු 176ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.