Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ කණ්ඩායමේ ශෙහාන් සහ දඹුල්ල කණ්ඩායමේ අශාන්ගෙන් ශතක

කසුන් කැලුම්




අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (05) පැවති තරගවලදී ශතක වාර්තා කිරීමට ශෙහාන් ජයසූරිය සහ අශාන් ප‍්‍රියංජන් සමත් වුණා.

කොළඹ කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් ජයසූරිය මෙම ශතකය වාර්තා කළේ මහනුවර කණ්ඩායමට එරෙහිවයි.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ලකුණු 58ක ජයක් වාර්තා කිරීමට ද කොළඹ කණ්ඩායම සමත් වුණා. 

දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ අශාන් ප‍්‍රියංජන් ශතකය වාර්තා කළේ ගාල්ල කණ්ඩායමට එරෙහිවයි.

කෙසේ වෙතත් එම තරගයෙන් ඩක්වර්ත් සහ ලූවිස් න්‍යායට අනුව ගාල්ල කණ්ඩායමට ලකුණු 11ක ජයක් හිමි වුණා. තරගය පැවැත්වුණේ කොළඹ සී සී සී ක‍්‍රීඩාංගණයේදීයි. 

------------------